දුර ගිය නුඹ

දුර ගිය නුඹ

රේඛා කුමරප්පෙරුම

මත්වුනු බිඟුන් සමනල් කැලතගෙ පහස මල් මල් පිරුණු නිල් වන් විල් තෙර විලස රන්වන් අරුණු රැස් මට පැවසුව රහස සන්සුන් වෙන්න පෙම්බර යටගිය දවස කොඳමල් කැකුළු කඩුපුල් ඇහැරෙන රැයට මැදියම ගෙවී සඳ දෙව්නිදියන පැයට නිදිමත දෑස නුඹ ගැනවිමසන කලට සුසුමක දකිමි දුර යනබඹරිඳු රුවට බොඳවුනු ඇස සොයනසුව සීතල අතක මැලවුනු වත සොයනමුදු බව හදවතක පරවුනු හිස සොයනසැනසුම උරහිසක හමුවනු නොමැත ආයෙම නුඹ කිසි කලෙක Photo credit ; Matěj Jeřábek
කවිය බලන්න