මිනිත්තු එකොළහ
ගිම්හාන ගීතය
වයන්නේ කවරෙක්ද
මැන්ඩලීනයේ ස්වර ළඟ
අසමි ජීවන වත
සංතාප නිම්නාද රැය වල
දැල්වූ පහන් අලු නිවමින්
වන මල් පිපෙන බිම්කඩ
කාට හෝ අත වනනු ඇති
නිල් අහස යට ආරණ්‍ය
විඳ ගමි නුඹේ ලාවන්‍ය
පා තබන හැඩයෙන් මනරම්ය
මිනිත්තු එකොළහකට ලං වෙන්න
ආදරණීය මරියා...
ඇතුළතින් පවසන කතාවට
මොහොතක් සවන් දෙමු
මේ ඔබට පෙනෙන්නේ
හෘදභ්යාන්තර ආලෝකයයි..
කවිය බලන්න
