හීනෙන් අවදි වෙන්නට

හීනෙන් අවදි වෙන්නට

නයෝමි අමරසිංහ

පාවෙන සුළං රැළි පසුකර යන බැවිනී ජීවන ගමන් වෙහෙසයි දැන් හිතවතුනී යායක පුරන් අස්වද්දන්නට තිබුණී වෑකඩ ගිමන් හරිනට නුඹමිණ හැරුණී කෙකටිය කරටි හිස වනමින් මග බලන වැව් දිය රැළිති අත ගනිමින් දඟ කරන පහුගිය මතක වැව් ඉවුරත මත ලියන පිහිනිය යුතුම දියකින් ගොඩ එමි සැණින සේරුන් කොකුන් කිරලුන් වැව් පිටි පීරා ප්‍රේමෙන් සරන පියවර හෙමිහිට තෝරා මීරෙන් පිරෙන හදවත ගැඹුරට හාරා හීනෙන් අවදි වෙන්නට එනවද තාරා Photo Credit; Prahlad Inala
කවිය බලන්න