මට මාව නැති වෙලා
ගංගා කුමරිය:
ගෙවා මග දුරු කතර
දමා හැඩ වැඩ ලකර
ඇදී ආවෙමි නිබද
සොබා දම හා මුසුව.
හමාරය අද ගමන.
මා සතු සියළු ගුණ
රස, වර්ණ, ඕජා ව
ඔබ වෙතට ආ කලට
නැතිවෙනා බව දනිමි
මට බයයි, මට බයයි
ඔබේ තුරුලට එන්න
මහා රකුසකු ලෙසින්
ඔබ හිදී මුව අයා
මට බයයි මට බයයි.
මහා සමුදුර:
බිය නොවන් සොඳුරියේ
හිම ගිරෙන් ඇදී එන
ඔබ දැකුම ප්‍රියයි මට
වැළඳ ගමි තොසින් මම
ජරාවද ගොහොරුවද
සුපිරිසිදු පැන් වුවද
නැත කිසිත් වෙනස මට
උස් පහත් ගති නොමැ ත
භේදයක් කිසිත් නැත
මගේ මේ රජ දහනෙ
ඔබ මගේ මෙහෙසියයි
ඇත්තමයි ඇත්තමයි
බිය නොවන් සොඳුරියේ
ඔබට ඔබ නැති වුවද
ම’ විජිතයම ඔබ සතුය
එකම රසයෙන් පිරුන
ඔබම වේ මහ සයුර
Image Courtesy; Shutterstock
කවිය බලන්න
