සුභ අළුත් අවුරුද්දක් වේවා..!

සුභ අළුත් අවුරුද්දක් වේවා..!

නයනශාන්ති දිසානායක

වියන් කඩ කඩ මකුළුවන්ගේ නිස්කාන්සිය ඉහිරුවා නිතර අතු පතු නොගෑ අහු මුළු කොස්සෙ සැර වැර බල බලා නිදිමතේ උන් දොර ජනෙල් රෙදි නා-කියා ගෙන හැඩ වෙනා ඔන්න පලවෙනිදා ඇවිල්ලා සුභ ම අවුරුදු එක්කලා හීන එක එක එකතු කර කර සතුටු හිත් පොදි බදින්නයි කාන්සිය දුක මක මකා ළඟ හිතට ලඟ හිත් රැදෙන්නයි ආදරය සිනහව සතුට නිති හැම දුකක් හැර මැවෙන්නයි ලැබූ නව වසරේ පුරාවට නීරෝගි සුව ලැබෙන්නයි...! සුභ අළුත් අවුරුද්දක් වේවා..!
කවිය බලන්න