රොමාන්තික ප්‍රේමය

රොමාන්තික ප්‍රේමය

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

ඔහු හා වැතිර මිටියාවතක කන තබා ඒ ළය මත හද ගැහෙන රාවය අසනු රිසියෙමි අතිනත පටලවා සන්සුන් මාවතක උණුසුම ට තුරුළු ව නිහඬව සෙමෙන් පා තබා ඇවිදයනු රිසියෙමි ලා වර්ණ මල් මිටකින් ප්‍රේමය කියා දී අහේතුකව, තදින් වැළඳ දෙතොල් මතට හාදුවක් ලබනු රිසියෙමි සිහිනයෙන් හෝ අත්‍යන්තයෙන් නොලැබෙන අත් නොවිඳි ඒ පෙම සිහිනයක හෝ දකිනු රිසියෙමි
කවිය බලන්න