අලුත් වූ දින දසුන

අලුත් වූ දින දසුන

ශර්මිලා බන්දුනි දන්වත්ත

කැඩී බිම වැතිර වසරෙ අවසන් කොළය ඉතිරි තවමත් පරණ බිත්තියෙ ඇණය එල්ලුනේ මිටියක් පැතුම් පොදියක බරය එකින් එක සොලවමූ තවත් වසරක හරය සොය සොයා වෙහෙසුනත් සුභ ළකුණු ඇති දිනය එකම පාටින් පෙනෙයි සතියෙ දින වල පැහැය තවම කල් මදි වුණත් ලියන්නට පෙර වැකිය අලුත් වූ දින දසුනෙ හැම දිනයම සුභය
කවිය බලන්න