උඳුවප් හා සඟමිත් තෙරණිය

උඳුවප් හා සඟමිත් තෙරණිය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

උරුමය ලෙසින් නෙක දුක් ගිනි දරාගෙන අසරණ වෙලා සිටි කඳුළැලි පෙරාගෙන ලඳුනට සැනසුමක් සතුටක් ලබාදුන උඳුවප් මසයි මේ සිසිලස බෙදාදෙන සදහම ලැබුණ මුත් ලක්වැසි දනන්හට සැනසුම ලැබී තිබුණේ පුරුෂයන් හට සඟමිත් තෙරණියයි එම සඳ ලඳුන් හට පිහිටට පැමිණියේ ඇති කර දෙමින් තුට ග්‍රහ දොස් අපල කරදර දොස් දුක කැන්දා අරමුණු පැතුම් කඩවන විට සිත බින්දා දුවගෙන ගොසින් සැම දෙන බෝධිය වැන්දා තෙරණිය තමයි ආවෙත් බෝධිය කැන්දා ජයසිරි බෝරදුන් මුල් බැසගෙන පොළොවේ ඇති ලෙස තෙරණියද සැමගෙම සිත් තුළ වේ එනිසා කළගුණය වෙත නිති සිත් බරවේ දන් සිල් පෙරහරින් උඳුවප් ලස්සන වේ.
කවිය බලන්න