තාත්තාගේ කුටුම්බිය

තාත්තාගේ කුටුම්බිය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දිවියේ මල් රටා පිපුණැයි හද අරණේ ඒ මල් රටා මව් ඔප කෙරුවයි පෙමිනේ සිහිනේ මගේ ලෙයටයි පෙර`ඵනෙ පුතුනේ ඒ ලෙය කිරට හැර වූ මව් නුඹ දුන්නේ කරකස පොළොවෙ හැපි-හැපි ඔට්ටුවට ගිහින් කරගැට පීදුණා අතැ’ඟිලි අතර මැදින් සරතැස නිවන පහසට අම බිඳක් ලෙසින් ලොකුපුත නුඹයි දුටුවේ මගෙ හිසට උඩින් කැලේ-කොළේ වළ යන මංපෙත් වැසුවා ගලේ-මුලේ පා පිස්නෙට මල් දැමුවා ඇලේ-දොළේ විසිතුර ළඟ නෙත් නැතුවා නිලේ-බලේ රස මගෙ තොල'ඟින් තැබුවා පුත දුරු කතර ගොස් නෙත් මානයෙන් මිදී නෙත ඉකි ගසයි නිරතුරු සොව හදේ රැඳී හදවත ගැහෙන නුඹෙ හඬ මව් මුවේ බැඳී පාලුව මකයි ඒ නද මගෙ සවනෙ වැදී පුතු පමණ ද ගියේ තනි ව ම දුරක එහා නැති ව ද අපේකම මිනිසත්කම ද මහා එතරක ගිහින් එන විට නුඹෙ හදට බහා ගෙන ආවේ කිම ද පුතු මගෙ ගමට රහා මගෙ නෙත සොයයි දඟ කළ පුතු ගෙදර සිටී හදවත කොණක නිදි ගෙන ඔහු රුව ද වටී අත්පොඩි දිගු කරන් මවෙතට දුවන හැටී තවමත් පෙනෙයි නිදි ගත් මගෙ නෙතට වැටී ලොකුපුත වුණැයි මා මගෙ පියතුමන් හට නැත ඒ පියතුමා අසලක දකිනු මට ගෙවුණත් කලක් ගියෙ දත් අටලෝ- දමට ඇත අද මගෙ කුටුම්බය ඔහුගේ නමට සත සිත ඇදෙන පත-පොත පෙරමුණට තියා වත රත නොදෙන බස රස සිසු රැසට කියා ගත යුත රට-දැයට අවැසි ව රසට උයා පත-පොත වන තබන සුරගුරුකමට ගියා දෙ-විසි වසක් තුළ කළ පොත් කල-එළි ය පි - විසි වගක් ගෙන ඉහළ ම තල-පිටි ය හෙ-විසි හඬක් මැද කළ වන පොත්-කැටි ය දෙ-නිසි රසක් කැටි කර දැය කිරි-පැටි ය හෙළ සුරුගුරුන් දෙස-බස රැක තුළ ම දැයේ නළ ගැහෙමින් කලක් රැඳි තැන් එමට තියේ වළ දා මෙගුරු නාමෙ ද නෙතු වැසුණු රැයේ කල තවමත් දුවයි නොනැවති පැයෙන්- පැයේ හෙළ මිණි වණන්නට අපමණ දුන් සුවඳ ගැළපුම කවි බසෙන් කීවත් ළද- බොළඳ පෙළ පිල නොගැසුණත් සුරගුරු පා නැමැඳ දලකිඳු පහණ දල්වමි එනමින් නිබඳ ග්‍රන්ථකරණයේ ප්‍රතිභාව උදෙසා ම වෙහෙස ගත් මාගේ පියාණන් වූ දිවංගත හේම අමරසිංහ ශූරීන්ට මෙකව් මල්මිට පූජෝපහාරයක් මැ වේවා! -ලොකුපුතා-
කවිය බලන්න