හඳ මූණ වසා ගත්තා

හඳ මූණ වසා ගත්තා

ලූෂන් බුලත්සිංහල

ඔන්න අහන් ඉන්න පුතුණේ - පුංචිම පුංචි කතාවක් කියන්නේ හොඳට හිතට ගන්න බස් රිය නැවතුම් පොළක තනිවෙලා මහ රෑ දුබල වයසක අම්මා කෙනෙක් - දූ දරුවන් හදා වඩා අසරණ වී කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා තරුකැට කඳුළු කැටවුනා - හඳ මූණ වසා ගත්තා ඒ දැක එහි නිදනා යාචකයා යටහත් කරුණා වදනින් මෙසේ ඇසුවා ගෙදර බුදුන් කියනා අම්මේ - ඇයි මේ මහ රෑ තනියෙන් කියන්න කියන්න කැන්දන් යන්නට - දරුවෙක් එනකල් දෝ ඉන්නේ මේ රෑ යාමේ බස් නම් නෑ එන්නේ මව් ලැම පුපුරණ දරු සෙනෙහස වාවන් නෑ බුදු අම්මා මුනිවතින් බලා උන්නා එනමුදු ලොවටම නෑසෙන සේ - යටිහිත ඇයගේ කෑ ගසා හැඬුවා මෙසේ ..... හදා වැඩූ දූ දරුවෝ - බැබලෙති සමාජයේ උන් හට නින්දා කරන්න නම් මට බෑ - මට තව ඇත්තේ ටික දවසයි කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා තරු කැට කඳුළු කැටවුණා - හඳ මුණ වසා ගත්තා ගෙදර බුදුන් අම්මේ - කියන්න කියන්න කොයිබක යන්නද හිතාගෙන ඉන්නේ මම ඔබ ගෙන ගොස් ඇරලන්නම් යාචකයා ගේ කරුණා වදනින් - ළමැදේ දරු සෙනෙහස උතුරා ලොවටම ඇහෙන්න සැනසිලි හඬින් මෙසේ බුදු අම්මා මුනිවත බිඳ දැම්මා මගේ මනාපෙට මං කැමති වෙලාවට - බැහැ මට එහි යන්න එදවස එනතුරු ඉවසිල්ලෙන් - කල් බලන්න වෙලා මට ඒ හන්දා බුදු පුතේ නුඹ දන්නා - අනාත නිවසක දොරකඩ ළඟනම් ඒ පාර මට කියන්න බුදු අම්මා එහෙම කියා අහස දිහා බැලුවා තරුකැට කඳුළු කැටවුනා - හඳ මූණ වසා ගත්තා 30/11/2021
කවිය බලන්න