අහසෙ තරුයි මුහුදෙ වැලියි

අහසෙ තරුයි මුහුදෙ වැලියි

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

කෑවොතින් අතවත් ඔන්න හොඳකරනවා බොරු අල්ලන්නෙපා උන් කොහොම හොයාගන්න ද අහසෙ තරු? මුහුදෙ වැලි නම් හැබැයි කොළඹ මාමල ගෙදර කෝච්චියෙන් හරි ගිහින් අප්පච්චි කොහොම හරි අරන් එයි කණාමැදිරි එළි දිහා මං බලන් ඉන්නකොට අයියා කියනවා ඔහොම තාම මතකයි අද ද දවසෙ වැඩ නිමාකොට නිදාගන්නට පෙර ඇඳේ ඇලවී හිඳ තුස් සුන්ව ගිය හදින් හෙට දවස ගැන ඇස් ඇරන් හිතනකොට කෑලි කපන කළු අඳුරේ කොහේ සිට දෝ ඇවිත් පියාඹයි ඒ කුඩා එළි තිත කැරකී මා කුටියේ වටක් ,දෙවටක් කැඳවාගෙන යයි මා මට දැන් බොහෝ දුර ඒ රෝස පැහැ අතීතෙට.....
කවිය බලන්න