ගෑනුන්ගෙ මුවහත

ගෑනුන්ගෙ මුවහත

උදයංග අමරසේකර ප්‍රංශය

පුම්බපු බැලුමක් මෙන් අයාලේ පාව ගිය මසිත පතිත වුණි ය හෙමිහිට ඔබේ රෝස අත්ල මත ඇටි කෙහෙල් කෑ රිලවාත් මේ මම් මැ වෙම් කෙහෙල් ගහේ පැටළුණු හොටත් මේ මගෙමැ යි මගෙ කඩුවෙන් මම් කොස් කොටමින් සිටිම් අර ගඟේ පාවෙන්නෙ මේ මම් මැ කැපූ ඉණි ඔබ නිතඹ ගැස්සූ සැණින් පිරිමි වැටෙති පොකුරු පිටින් කරන්ට් වැදුණු වවුලන් මෙන් ෂේක්ස්පියර්ගේ සියලු කවි ඔබේ එක් තොඳොල් බහක් ලඟ බලු මවිලක් තරම්වත් නොවටී ඔබේ කමණීය දණහිස් අභියස රාජසිංහගේ මිණි ඔටුන්න මඩෙන් ගොඩලෑ පොල් ලෙල්ලකි මුරලිදරන්ටත් නිඟා දෙමින් ඔබ මිනිහෙක් අල්ලා සියක්වර එකතැන දඟ කවයි බඹරයක් සේ !
කවිය බලන්න