පෙර මතක දැන් මතක
පෙර මතක වැහි බිඳුව
රැඳුණු දෑස් කෙවෙනි මත
රිදුම් දෙයි යළි යළිදු
නැවුම් වෙයි හද දවන
පෙර මතක...
දිරා යන කය මනස සුදන දුදන හා එකමුතුව
සැනසුම උරුම නැත දකින තුරු මොක් පුරය
බුදුබණ ඇසුවමුත් අතහැරුම නොදුටු සිත
රැස්කළා යළි යළිත් කෙලෙස් මල සියලු සත
අඳුරු නිලඹර කුඩා තරුවේ
බොඳවයයි මතක හැඩරුව
කියාදෙයි දිවි මඟ නිසරුවග
සසර දුක පසක් කරමින
පඨවි ආපෝ තේජෝ වායෝ
ධාතු නිම්නය අරුත දුටුවෙමි
සියලු හැඩතල විසිර ගිය කල
විරාගය හද විවේකය විය
දැන් මතක....
කවිය බලන්න
