කුරුමිනි ජීවිතය
කුමක්දෝ භීතියක් හිත පතුලේ තෙරපුනා
මහ දුකකි මේ හදාගත් කුණු කයම
සීනි අඩුකරන්න ව්‍යායාම වැඩි කරන්න
දොස්තර ඔවදන හිත පතුලෙ මොර දුන්න
අළුයමේ ගොම්මනේ සක්මනට මම ඇලුනා
ප්‍රිය රූපෙ නිසරු බව මගෙ සිතම පිළිගත්තා
හුදකලා මග තොටදී කුරුමිණි ජීවිත දුටුව
ගොම්බෙටි කෑලි කන සිහින ජීවිත දුටුව
ආපසු එන අතරතුර සසර දහමම දැක්කා
කුරුමිණි මිහිදන් වෙලා ගොම්බෙට්ට වියළිලා
කුරුමිණි ජීවිතේ පැතු සිහින බොද වෙලා
ජාති ජරා ව්‍යාධි මරණ බුදු වදන සිහි වුණා
මහා ඇදුරු මහ මැදුරු රජකම හිඟනකම
මොන දෙය ලැබුවේද ඇති නැති මේ සසර
අස්ථිර සුසුම හැර වෙන කුමටද උරුමය
සතර පෙර නිමිති ඇති කුරුමිණි ජීවිත මිස
කවිය බලන්න
