ආදරණීය කාවන්තිස්ස ට,

ආදරණීය කාවන්තිස්ස ට,

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

කොලු ගැටයෙක් උදෑසනක විස්සයි විසි හතරේ උ/පෙළ ලියන්නට ඉගිලුණි උදේම දඬු මොණරේ ලහි ලහියෙන් පහුකරද්දි ලොරියක් ඒ අතරේ හපොයි ගිජිඳුනේ නුඹ දැක පෙනුණලු තරු අඹරේ බිඳගෙන දළ කෑල්ලකුත් බිමටම සැතපෙවුණේ දෙකකුල් මැද වැටුනත් නෑ නුඹ තරහෙන් කිපුණේ පියවුණ නෙත සිහි එළවන් නැගිටන් යළි දිව්ණේ කොලුව විභාගෙට ලිව්වා අපෙ බෝසත් රජුනේ අගෝස්තුවෙ මද කිපුණම ගල්ගමුවට එන්නේ තමුන්ගෙ පරපුර සමගින් අභිමානෙන් යන්නේ තමන්ට ඉඩ හසර හදන හාදය අඳුනන්නේ තුතියක් පුදදෙන්නට නුඹ අමතක නොකරන්නේ කිසිදින නැත බැස කුඹුරක වී කරලක් කඩලා ගැමියෙක් කෙළ පොදක් නොහෙළු නුඹට දොසක් කියලා හදවත් නැත්තන් බින්දේ නුඹගෙ දෙපා විස ලා කිම ඔතරම් විද්දෙ බෙහෙත් ඕවර්ඩෝස් කරලා ඇත් රජ මුළු ආසියාවෙ, ලක්දිව නම ඉස්සේ දැක්කම පපුතුර දනවා නුඹ වැටිලා වැස්සේ සත්වයෙකුට ඇති ගුණ නැති මේ නොමිනිස් අස්සේ මෙත් කරුණා පොදි බැඳ යළි එනු කාවන්තිස්සේ මීට, නුඹටත් නුඹ පරපුරටත් හදවතින්ම ආදරය කරන නික් ග්ලෙන් උතුරු අයර්ලන්තයේ සිට.
කවිය බලන්න