මලක් අද ආවර්ජනයක,.!

මලක් අද ආවර්ජනයක,.!

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

පෙර සසරක තතු හංගා ගෙන චිත්තේ නුඹ තනි බව දැනගත්තා දැක තත්තේ යන එන විට නිති දුක් වෙම් ඉහ මත්තේ මැයි මල මම, ඉමි තාමත් උඩ අත්තේ සිත ඇත දුටු දින ප්‍රේමේ නුඹලාගේ මුතු වැනි වැහි බිඳු ආවේ හරි වේගේ ගහ යට ගුලිවුනි සීතේ, සිත රාගේ මගෙ නෙත වසමිනි සිම්ඹේ අත ඈගේ පුන්සිසි මහවැලි රැල්ලේ දුන් ලෝලේ වැල් පාලම තව පැද්දේ පෙර තාලේ බැස්සා වළ මනමේ හා එම කාලේ පස් වස අතැඟිලි අස්සෙන් පැන දෑලේ දැන් ඔරවන හන්තානයි අර ඈතින් ගස් නිහඬයි අද‘පේරා’, පෙර ඥාතින් වන් සුසුමක්, තෙත දෑසක්, පිස දෑතින් ලත් තනිකම් මැඩ හීනේ නෙළු දූතින් කොතැනක අද සඳ සාවී සැඟවීදෝ රොබරෝසිය සේ ඈතින් පිපුනේදෝ මහවැලියේ රැලි නැංවී සැසලේදෝ ගුරුතුම වී මෙහි ආවේ නුඹ ඇයිදෝ? මීට තවමත් නුඹත් ඇයත් ගැන හිත ~~ කහ මැයිමල~~
කවිය බලන්න