පිළිම නෙළා නැති විරු මව මාලනියයි නන්දා

පිළිම නෙළා නැති විරු මව මාලනියයි නන්දා

අරුණි මුතුමලී

බුදු සාදු ට සමන් වැලක් වී පීදුණ නන්දා පිපුණු මලේ රුව නොතැකූ එමල නුඹයි නන්දා උඩඟු ළියන් ගොතා බඳින වරල නොරැඳි නන්දා මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවේ නෑ නන්දා ගලන ගඟක ජීවිතයේ මිහිර පැතූ නන්දා යොවුන් වසන්තයේ දුහුල් වලාකුලයි නන්දා වසන්තේ නිදාවුන් යෞවන සුපෙම් ගීය නන්දා සුළං කපොල්ලේ තනි වූ කෙවිලිය නුඹ නන්දා මගෙ සිහිනය මට දකින්න ඉඩ පෑදූ නන්දා දරුවන්ගේ දුක් කඳුළැලි දකින මවයි නන්දා බතක් නොඉදි පැලට මිහිරි රස මසවුළ නන්දා ඔබහට පෙම් කළ යුගයට නිමක් නැතේ නන්දා අහස සේම පොළොව සේ ම අනන්ත ඔබ නන්දා මතක පොතේ කඳුළින් කටු ගෑ කවි හිමි නන්දා අපෙන් මිදී වෙන රටකට යන්නද ඔබ නන්දා ඉතිං බිඳ බිඳ මං ඇඬුවා ඔබ නැති දා නන්දා තරුද නිදන මහ රෑ නිදි නැති මහදේ නන්දා හිරුසඳු එකවර දෙපසම නැඟුණත් අද නන්දා බිමට බරව කැකුළු අතු ද මැලවී ඇත නන්දා දහස් ගණන් සෙනඟ අතර මහ තනියකි නන්දා හෙළ දෙරණේ කඳුළ සුසුම ඔබේය කී නන්දා අද පමණක් නොවේ අපට හෙටක් මැවූ නන්දා අලුත් ලොවක් ගැන සිතීම වරදක් නෑ නන්දා පිළිම නෙළා නැති විරු මව මාලනියයි නන්දා
කවිය බලන්න