දෑසට වැඩිය දුටු ලොව කාචයෙනි වැඩ........
වියමන් කරන කවියේ ඇත අමුතු හැඩ
දෑසට වැඩිය දුටු ලොව කාචයෙනි වැඩ
සිසු කැල දියත දිනනා මතු දුන්නු ඉඩ
දෙවියොත් වඳින නමකිය ලාල් හෑගොඩ
පිය පිය සටහනින් ලොව සිය නම රන්දා
මා මිනිසෙක් ඔබ ගංගාවක් සන්දා
දිනු කිත් යසස් රන් අකුරින් නම් බන්දා
ඇත කවි ලොවේ සැම හදවත් තුළ රන්දා
නිසල රූ රැසින් සත් සමුදුර දිනුවා
සැට වසරකින් සියවස් සේවා කෙරුවා
ඔබ වැනි අයෙකු ඇසුරට අපි පින් කෙරුවා
පතනෙමු අසිරි සුබ දිනු දිනයක් වේවා!
කවිය බලන්න
