ගී ලොවේ තරු දෙකක් වැසුනි මරු වලාවෙන්
ලොවම සුවපත් කෙරූ සුභාවිත කලාවෙන්
ගී ලොවේ තරු දෙකක් වැසුනි මරු වලාවෙන්
දකුණු ලක වෙසඟ පුණු පොහොදාක බිහිවුණා
එතුන කහවතෙන්, හිමි වත කමල බැබළුනා
ගෙතුන ගී පදවලින් කලා කෙත සරුවුනා
ලකුණ යතිවර, ගීත ලෝකයෙන් වියැකුණා
ජනත වී දකුණු ලක රඹුකනය ගම්පෙතේ
බුදුන් දෙසු මඟ වැඩිය දැවටිලා කහ වතේ
අකුරු කර බුදු දහම ගරු සමිඳු ගී පොතේ
හැත්ත හය වසරකින් නිමකලා ජීවිතේ
පද වැලක රැඳුනෙ ලියූ බුදු බණෙහි ආරයයි
හදවතට ලංවුනේ තිබු චමත්කාරයයි
රසවින්දෙ සමිඳුන්ගෙ ගී ගොන්නෙ සාරයයි
මේ අපේ කවින් වෙනුවෙන් නමස්කාරයයි
-----------------------------------------
වල් වැදුනු නීතියයි, පැවති අවිචාරයයි
උරාබොන අතර සමහරු රටේ සාරයයි
ඇගෙ ගීත විරුවන්ට විය දෙතන ක්ශීරයයි
ජාතියට පණ පෙව්ව දැයේ ගී රාවයයි
චාම්බව රැඳුනු වත, දැවටි සුදු සාරියයි
ජාතියක් පණ පෙව්ව දැයේ කවි කාරියයි
හීං සීරුවෙ කලේ ඔබට හිමි කාරියයි
ලකඟනගෙ හිස රැඳුන බර මිදෙව් නාරියයි
උරාගෙන බොද්දි සමහරු රටේ සාරයයි
පෙරට ආවේ ඇගේ යසෝ ගී රාවයයි
ඊට ලැබුණේ ලොවෙහි ඉහළ ප්‍රතිචාරයයි
මේ අපේ කවියන්ගෙ උත්තමාචාරයයි
කවිය බලන්න
