දේව අසපුවේ වියසනය

දේව අසපුවේ වියසනය

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

අහසින් වැටි හිම කන්ද ගලාලා අනෝතත්ත විල ඉවුරු තලාලා වියරු වෙසින් ගිරි හෙල් ද පලාලා දිවෙති අසුර සෙන් නියම්ගම් බලාලා සුර අසුර සටනින් ජයගත් අසුර සෙන් දිව යති වියරුවෙන් වනසා සුර විමන් කෛලාශ කූටය ශිව දේව විහාරය බලව මේ විනාසය කිමද ඔබගේ නිහැඬියාවය? පෙර කල සිදුහත් වැඩ විසූ කිඹුල්වත් බොහො දනෝ සිටි සිල්වත් එවක මේ රට වීය බලවත් දුකට පත් සැම දනන් වෙනුවෙන් මෙත්, කරුණා, මුදිතා, උපෙක්කාවෙන් නිහැඬිවූ දෙවිවරුන් නොතකන් අපි අත දෙමු සැදැහැ සිතින්
කවිය බලන්න