එකමත් එක දවසක

එකමත් එක දවසක

මධුවන්ති හපන්ගම

නුවර ලස්සනද? අහන්නෙපා ඇගෙන් කිසිදාක ඒ ගැන, නුවර ලස්සන නෑ එක් ගැහැණු හිතකට............... යමෙක් හමුවී වැව රවුම ළඟ පැයක් කීවා දැනෙන හැටි ⁣ගැන කොතෙක් සුන්දර නුවර අහස් ඉම හැඟේ ⁣දුක්බර පද පෙළක් ලෙස සිටිත් උත්තම දළඳාව වැඩ ඇසෙත් තේවාව දසත තුන් පැය පාන් එළියට මූසල පාළු ගතියට වැව් දිය රැළි නගයි ශෝක හඬ මමත් යන්නට හැරී අහනවා, කිමෙක් හේතුව එහෙම වන්නට................. ගැහැණියක් හඬනවා තාමත් - හදේ ඇවිලෙන මහා ගින්නක ඇගේ දරු දුක ඇසේ අදටත් - විඩාබර ඒ නුවර සිව් දෙස නිල්වන් කෙස් කළඹෙ දවටා මාලි ගෙන ආ දළදාව ළඟ ගැහැණු දහසක් හුස්ම ඉල්ලා- දණින් වැටුණා නොමිනිසුන් ළඟ වසර ⁣ගණනක් ගෙවී ගොස් ඇත ඈ තවමත් සෝ ගී ගයා වැළපෙන ලොවක් වැන්දට දළඳාව ළඟ ඈට සැනසුම නැතිවුණා නුවර දිය යට අදත් මිනිසුන් කියයි හර බර හිතින් මළ ගැහැණියක් ගැන......
කවිය බලන්න