කැට උයන්වල පටු හැඟුම්

කැට උයන්වල පටු හැඟුම්

ගමගේ ලයනල්

කොතනක ද ? අහස් කුස පර්චසය එක දෙකයි එතැන බිම කොන්ක්‍රීට් සිටියෙ පුටු සැටි උඩයි ටකරමට හිස ළඟයි කැටවලට පය තියයි ආදරේ උණුසුමට පැණි බීම තොල ගායි තුරුත් නැති මලුත් නැති ප්ලාස්ටික් මල් පිපෙයි හැඩ අරං වට කැදලි ඒ ඇතුළෙ පෙම් බඳියි දිය ඇල්ල සිමෙන්ති ය දිගේ පහළට වැටෙයි දැනෙන ඇගෙ පහස සුව දාඩියට තෙත බරයි තණ බිමට විලුඹ දී හිටිය කාලය නිමයි කණුවලට පිට තියා ප්‍රේමයට අත වනයි
කවිය බලන්න