කරවෙච්ච සිත
හද්දා පිටිසර ගම්මානයට
සුද්දා කැමති ම ඇවිදින්නට
ඇවිද්දා ගම පුරා ම බැද්දෙ ම
පිපුණා මලක් ඉහේ සතුටට
මොකෝ මේ අපට වුණෙ
ගිනියම් ය දහවලට හිරු
කොන්ක්‍රීට් මිදුල් පිරි
ඉන්දවා හැඩ වැඩට කණු
තුරු කඳන් තඩි බා බිමට
පැළ කර තණට කැට
වතුර පොදක් නැත පිපාසෙට
ටැප් ළඟ කලගෙඩි පෝලිමට
මල් පිපී ගෙදර අයිනට
වැනුණේ නැහැ හමන පවනට
දූවිලි හිස උඩින් යන විට
විහඟුන් නැහැ කොන්ක්‍රීට් ඉඩමට
වෙනදාට සමනල්ලු ආවට
දැන් නිලමැස්සො පොකුරට
රතු බිල ගෙවා ලංවීමට
සීතලට වෙව්ලා ඒසී මැෂිමට
කරුමය ගෙවමින් ඉන්නේ තව
ඉවරයක් නැහැ මේ සම්මේ
තරඟයට දඟලා කරවෙච්ච සිත
පිච්චි පිච්චී යයි කොන්ක්‍රීට් අකුලට
කවිය බලන්න
