නිසල විල දිය
නිසල විල දිය සලල වූයේ හබල් ගැටෙනා ලයේ පමණයි
නිහඬ නුඹ විල් දිය ද පරයා ඒ තරම් නිසලයි
විලක් වුව මේ තරම් නිසල ද කියා සිත විමසයි
හදක් විල පරයනා තරමට ගොළු ඇයි ද නොහැඟෙයි
ඇළ දොළ ද ගඟ සමුදුර ද දිය ඇලි ද පෙම හඳුනයි
කිසිදු මොහොතක නොවී නිසසල
රැලි නඟා හිනැහෙයි
සිහින වියැකී මහද සසලයි බිඳුණු ලය රිදවයි
බලා හිඳ මට විඩා දැනුණ ද එය හුරුයි සොඳුරුයි
2026.07.28
( ජංගම දුරකථනය අළුත් වැඩියා කර ගැනීමට ගොස් කල් මැරූ කාලය ප්‍රයෝජනයට ගෙන පිටකොටුවේ "සිටි පැරඩයිස් වෙළඳ සංකීර්ණයේ" බංකුවක් මත සිට ලියූ පදවැලකි)
Photo Credit; Lee Soo hyun
කවිය බලන්න
