මරණ මංචකයේ සිට ඇයට
මියැදෙන්න හරි ළඟයි මම දැන්
නුඹ ඒවි මා බලන්න
මට නොදුන් තව හාදු ළඟ ඇති
එකක් නළලේ තබන්න
ඉවසන්න මට පුරුදු කෙරුවේ
නුඹයි දිවියම දකින්න
එනකම්ම මම නොයා ඉන්නම්
මට ඕනෙ එය විඳින්න
පවසන්න තව වදන් ඇත්නම්
එයත් රහසෙම කියන්න
විමසන්න යම් දෙයක් වේ නම්
නොසඟවා එය අසන්න
වදනකට එක සිනහවකට හැකි
සිතක් සුවපත් කරන්න
වාරු නොමැතිව සයනගත කය
නැවත දෙපයින් තබන්න
