ඔබෙයි පසළොස්වක ම..........
අහස් කුස රිවි කිරණ උරුම බැව් වියනට ද යටින් ඇති
රහස් නොසගවා කී කව් වනේ සෙනෙහෙබර වනස්පති
සහස් "කවි සියපත්"හි මුදිතාව තැවරූව සහස්පති
දහස්පෙතියා කුසුම මල් බිළිඳු සුරැකි හද තෙතින් නිති
මහත් තුරු පොඩිවුන්ගෙ සරුංගල් සොරෙන් ගන්නා අයුරු
දෙනෙත් තෙමනා "කඳුළු උනන හඬ" ඇසුණු හද තත මහරු
ගඟත් අද දෑත් බැඳ වැළඳ සුන්දර මිනිස් සන් මිතුරු
නවත්වන්නට එපා " මෙ'කව මෙතැනින්" කියා කියනයුරු
හිමිකරුනි නයන හිමි දුටුව ගඟ වක්වෙලා ගලන තැන
ඇඳුරිදුනි කියා දුන් සේයාව මායාව මවන සැණ
දැල්වුයෙන් කරුණාවෙ සඳුන් අරටුව මෙතින් තැනින් තැන
ඔබෙයි පසළොස්වක ම සිනාසෙනු මැන ඉතින් සඳක් මෙන
