සිරිපා බිමේදී දකින කවියා
- ලාල් හෑගොඩ ශූරීන් වෙනුවෙන්
කැමරාවෙන් කවි ලියන
සුහුරු බසින් කෙරෙන කවියෙන්
රසික සිත් තුළ රෑප අඳිමින්
නවොමු සිතුවම් මවන
නිර්මාණ කරුවෙක් දැක ඇද්ද
සිරිපා කරුණාකර බැස එන විට
ඝාන්ටාර හඬ යන්තම් ඇසෙන තැන
සේද සළුවක් සේ දැවටෙන
සිත පිරී ඉතිරී යන සතුටක් මිස
සීතලක් හෝ විඩාවක්
ගතට නොදැනුන කෙනෙක් ඇද්ද
සොයා ගන්නට නොහැකි වුන
දිව අග ඇති වදන වෙනුවට
ඉර සේවය කරන මොහොතේ
හිරිමල් පා හිනැහුන
දුම්බර වන්දනා නඩයක දැරියක්
කවි පදයකට ගත හැක්කේ කාටද
බුදු දහමින් නිවුණු සිතකට වැටුන
සුමන සමන් දෙවි කරුණාව සමග
සිරිපා කඳු පාමුලට ළඟා වන විට
පසක් වුනිද හිතේ සතුටට කාරණා
25.06.2026
කවිය බලන්න
