ලාල් නමින් ගොඩක් ඇතේ -වජිර ජයවර්ධන. නවසීලන්තයේ සිට.

ලාල් නමින් ගොඩක් ඇතේ -වජිර ජයවර්ධන. නවසීලන්තයේ සිට.

වජිර ජයවර්ධන

ඇද ඇඳි සිතුවම් මනහර
කවිකම් කළයුරු මනහර
හෑගොඩ නම කළ මනහර
මහ කවියෙකි ඔහු මනහර

චිත්‍ර ඇන්දෙ ලාල් - කවි ලීවෙත් ලාල්
ගෝලයෝ හැදු ලාල් - අමරණීය ලාල්

ඇත් බර නැති කතාවන්
ලොකු කම් නැති සිනාවන්
මල්ලි කියා ආදරයෙන්
ඇමතුම් දෙන ලතාවන්

ලාල් නමින් ගොඩක් ඇතේ
මෙ ලාල් නම වෙනස් වෙතේ
නොලියවුනොත් කවි මසිතේ
මගෙ කවියෙන් වැඩක් නැතේ

අලුත් ලෙයක් නහර වැලේ
අලුත් මලුත් පිපී තිබේ
අලුත් ලයක් සැදී ඇතේ
සුබ පැතුමක් එවමි මෙසේ

හදවත කරුණා කරමින්
සුබ පැතුමන් එවමී
මා මිනිසෙක් ඔබ ගගක් නිසා
වචන මදිද නොදනී

සමාවෙන්න වැරදි ඇතොත්
සමාව මම යදිමී
ඊළග උපහාර උළෙලෙ
පූරක තැන ගනිමී

කවිය බලන්න