ගසක කඳුළු

ගසක කඳුළු

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ඊතලයක් වැදුනු හදක්
කැටයම් වී තිබේ ගසේ
ආදරයක සෝ පුවතක්
කඳුලක් මතු කරයි ඇසේ

කාටත් නොපෙනෙන දුකකී
ගස සඟවාගෙන ඉන්නේ
වෙරෙන් ඇනුනු පිහි තුඩකී
පොතු ගලවා දුක දුන්නේ

මුතු ඇට දෙකකී විසිරී
හදවත පහළින් ඇත්තේ
හැඬුවෙ නැතත් ගෙන දහිරී
ගසේ කඳුළු බඳ මත්තේ

කවිය බලන්න