සියුම් ඉසියුම් ප්‍රේමයක්..
ප්‍රේමයේ වලාකුළු
මෝදු වෙද්දිම
මගේ සිත් අහසේ
නුඹ රුදුරු සුළඟක් වී
හමා ඒ නම්
කෙලෙස මා රැකගෙන හිඳින්නද
සියුම් ඉසියුම් ප්‍රේමයක්
නිසල හද ගැබ ඉවුරු
අතරේ
කැළඹිලා ගිය ගඟක් සේ
නුඹ ගලා යා නම්
කෙලෙස මං රැකගෙන හිඳින්නද
සියුම් ඉසියුම් ප්‍රේමයක්
කවියක වෙළී නුඹ
සුමුදු වදනක්ව
ආ දවසේ
සිත මෙතෙක් විඳ නැති
සිසිලසක් ගැවසේ
දෝත පා මට රකිනු හැකි දැන්
සියුම් ඉසියුම් ප්‍රේමයක්....
Photo Credit: Hulki Okan Tabak
