සා දුකින් පෙළුන උන් ( මැයි දිනය)

සා දුකින් පෙළුන උන් ( මැයි දිනය)

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

WHEN WILL TEARS BECOME PEARLS
##############################

දාගැබක් මහ වැවක්
හැදු බිමක දා හෙළූ
වෙහෙස වූ උන් එදත් මැළවුණා.

සෝකයක් නැති නමුත්...
උන් නමින් හදවතේ ..
මට අපිට හැමවිටම වැරදුණා.

මාවතක් නෑ කියා..
අවි අරන් දිවි පිදූ..
තුරුණු දූ පුතුන් පෙර පැරදුණා

සා දුකින් පෙළෙන උන්..
ඉපදිලා මිය ගියත්..
රජවරුන් හැම දිනේ බැබළුණා.

************************************

මාසයේ අවසනට..
නොලබනා කිසි වැටුප්
තව ගොඩක් ඇති බවක් නොදකිනා

ලෝකයක් අබිමුවේ ..
සිඟමනේ යන විටත්
යළි වරක් මැයි දිනේ පැමිනුණා.

දීපයක් දැල් වුවත්...
කය පෙලා වැඩ කලත්
නෑ දිනක් නුඹෙ කඳුළු මුතු වෙනා.

දේසයක් මිය යැවූ ...
රූපයන් දෙස බලා.
උන්ට අපි ජය පතමු සතුටිනා.

කවිය බලන්න