පුදසුන මත දිළිසෙන කුසුමක්.........

පුදසුන මත දිළිසෙන කුසුමක්.........

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

ලෝ දම අනුවට සෙව්වට මත් බිඟු
අතු අග සුවඳට පිපි කුසුමක්
කැකුළක් සෙව්වෙම අරුණ උදයට
පතිත ලා හිරු කිරණ පොදක්

ඈතින් හිඳ දිලිසෙන විට දිවයුරු
දුන්නට අරුණේදී සිසිල බිඳක්
හේමලයා හා පෑහුණ යාමෙට
හිත පුච්චන සැර ගිනි දල්ලක්

ගිනි කන වැටිලා දැවෙනා යාමෙට
මුවා වෙලා හිටියෝතින් පොඩ්ඩක්
අව් රැස් මිලිනව සඳ නැඟ එන විට
පුදසුන මත දිළිසෙන කුසුමක්


16/04/26

කවිය බලන්න