විනාසයට මුල...!

විනාසයට මුල...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

පව්ලක ලේලිය හැටියට අලුත ගේන මණමාලිට...
අව්ලක පෙර නිමිති එන්නෙ නැන්දගෙන්ලු ගජරාමෙට...
හව්ලක කැඳ හදන කලට බැරි වෙනවලු නෙව පානෙට...
දවුලක හඬ ඇසේ කියයි අසල් වැසියො අම්බානෙට...

ඉහත රූපෙ ගෙන බැලුවම ඉන් පැවසෙනවානෙ යමක්...
ගහක එල්ලිලා ඉන්නේ එවන් ලේලි කියන ලඳක්...
නහන අදහසින් නැන්දා කතුරක් ගෙන කරන වැඩක්...
සහනය ගෙන එයිද එයින් මුලු පව්ලම මියෙන හැඩක්...

පතා සාමෙ, සමාදානෙ, කැප කෙරුමක් දෙපැත්තෙන්ම...
ඉතා ඇවසි වෙනව , නැතොත් තැලෙන්නෙ සැමි-පුතනුවන්ම...
සතා සීප ලෙසින් හැසිර නැන්ද ලේලි කොටාගැන්ම.
කතා දෙකක් නැත අනුමත නොකරමි මම හදවතින්ම.

කවිය බලන්න