මැදියම් රෑ රඟන රැගුම්

මැදියම් රෑ රඟන රැගුම්

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

නිදි රාජිනී කොහෙද ගිහින්
ආවෙ නැහැන තුරුලු වෙන්න
සිහින කුමරු තරහ ගන්න
එපා අනේ සමා දෙන්න
ඒ අතරේ ව්විද හඬින්
එනවා මා තුටු කරන්න
අමරදේව හඬින් ඇසෙන
ගී රාවය කුල් මත් වන
හිත යනවා ගීය දිගේ
නැති සතුටක් ලබා ගන්න
රුක්මනි යගෙ හඬ ඇසෙනව
යශෝදරා විලාප දෙන
නෙත් දෙක මගෙ තෙත් වෙනවා
හදවටටම දුක යනවා
රෑ දොලහත් පහුවේලා
තාම නැහැනෙ නිදි දෙව්දුව
හෙට දවසත් ලං වීලා
තවම සුවය ඈත එපිට
සිහින් හඬක් ඇසෙනව මට
ගත සිත සුවයක් දැනෙනව
පිරිත් හඬ තමයි ඒ නම්
අසමු හොදින් හිතෙනව මට
මට නොදනී ඇස් බරවුනි
නිදි රාජිනි වැලඳ ගමින්
සිහින කුමරු ලඟා වෙන්ට
ඉඩදී මම සිටියෙ තුටින්
කුරුලු හඬින් අවදි වෙනව
තව දිනයක් ගත කරන්න
මැදියම් රෑ රඟන රැඟුම්
ඔන්න යලිත් පටන් ගන්න

Art Credit; Art Institute of Chicago

කවිය බලන්න