ලාල් සොයුරු මතක

ලාල් සොයුරු මතක

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

හැටේ දශකයේ ලැබුනා සොඳුරු කලක් පොතේ අකුරු නොමැතිව කල් ගෙවුනු පැයක් ලාල් සොහොයුරා සමඟින් ගෙවුනු දිනක් මතකයෙ රැඳෙන්නේ කෙතරම් ලැබුන පිනක්! කොලු කෙලි වෙනස නොදැනුනි එවකට අපට බොදු වැඩ සමඟ රසවත් හරබර ගොඩක නියලුන අපට එන ගැරැහුම් ඉවත කොට ලාල් මල්ලි ගෙනෙනව රසබර විකට කවි පද ගෙතීමට දක්සය මල්ලි තමා ඒවා තාලයට ගැයුමට හදමි මෙමා පුවත් පතට තේරෙන්නේ එ කවි තමා පොලිස් දෙමාපිය දෙපොලගෙ දයද තමා කවි ලියවුනා මදිවට තිබු කැමර ඇස දුටුවා එදින සිදුවිම් එකිනෙක එලෙස කලු සුදු සමඟ නෙක වර්නෙන් යුතු මෙලෙස ෆොටොක්‍රෝම් ඇරුනා මුලු ලක් දනට කෙලි කොලු රැහැන යනවා මරදානෙ ගෙට රස මුසු කැවිල එනෙවා බන්දේසි මත හෑගොඩ යුවල, පොඩි පැටවුන් කුලුණු හද දැනෙනා අපට අමතක වෙයි නිවසෙ දුර සොයුර ඔබේ සුන්දර මත්කයන් ලඟ අදටත් වෙසෙමි අට දසකය නිමා කොට ඔබටත් සුව සෙතක් පතමින් මෙමා අද පැන්සල තබමි, හමුවෙමු අපි නැවත හෙට!
කවිය බලන්න