කැරපොත්තා...
වඩන රුව දැක මා සිත සැලුනී
මරණය උඹේ සහනය වෙතැ මට සිතුනී
සෝදා හරිනු රිසියෙන් අත තෙර පෙවුනී
පෙර පව් නැවත නොකරන්නයි හඳ ඇරුනී
ලොකු දූ ඇවිත් අද මට දොස් මුර නගනා
"මිනීමරු මවක" යැයි කියමින් සිත් බිදිනා
විදවන තරම සත්තයි පත්තිනි දන්නා
ලොක්කී නිසා කිරි සිහිනෙන් පිට පැන්න
පුතෙක් ලැබෙන අටියෙන් දෙවියන් යැද්දා
පිනකට සර්‍ර් දරුවා පිළිසිද ගත්තා
නමුදු කරුමේ ගෙයි පාමුල සිට ගත්තා
අප්පච්චිචී නොකියම ගෙදරට වැද්දා
දිනෙන් දිනේ ගේ දොර හැම හිස් වෙන්නා
කිරිපිටි නැතිව දූ ඇලිමැලි කට මැද්දා
පිලිතුර වුනේ අවසානෙදි බිලින්දා
ලොකුදුවේ උබ නිසා මම ට්‍රොලියට නැග්ගා
අටියෙන් අටිය සැත්කමේ දින ලග එන්නා
ඇද සිටි හැට්ටේ දරු ස්නේහෙන් නැහැවෙන්නා
බෑමයි කියා උබෙ අප්පගේ පා වැන්දා
කාසි කොහිද දෛවය මගෙ ඉකි බින්දා
එදවස අදුරු රැය තවමත් සිතේ ඇති
දැහි අඩු, කතුරු තරගෙට මා ගත දවතී
නූපන් පුතේ නුබෙ රුව මගෙ සිතට එතී
කිරි සිහිනය සැත් තැටියට ගොඩ ගසතී
රැක්කත් දෝනී අතීත සැම වලදාලා
සෙනෙහස වෛර වී අද හිත පැටලිලා
කියනු බැරී, කාටත් හැම අඬ ගහලා
කැරපොතු රජුනි ඉන්නේ සැම ඉවසාලා
විෂමව ඉපදුණත් උඹ මේ ලෝ තලයේ
නොමැත වෙනත් වරදක් උඹේ ජීවිතයේ
ගැහෙනා විටදි දුබලව බිත්තියේ ඇලයේ
උඹත් මාත් සමතැන් මේ භව කලයේ
උණුසුම් ජල දහර මැද හුස්මක් ලබමු
දාහය නිවන ජල බිදූ සිතැඟින් විඳිමු
කල හොද අනියතයි මනසට සන් කරමු
පතනා භවේක සසරින් අපි එතෙර වෙමූ
කවිය බලන්න
