නෙරූඩාට නොකී කවියක්

නෙරූඩාට නොකී කවියක්

චමෝද් තිමිර

සීතල සඳ එළිය පරදන රන් කුඹු සිනිඳු
ලා දලු දෙතොල් පවසයි ප්‍රේමයෙ උපලු
බඹරුන් පෙර නොගිය පෙදෙසක මල් ගොමුදු
සිප සනසන්න අවසර දෙනු මැන සුමුදු

සිනිඳු සලුව ගිලිහෙන කල උර තලයෙන්
මල් පිය වැටුණු වැන්නයි හිම ගිරි ශිකයෙන්
නෙතගින් පෑව රහසක ඇති සැප බලයෙන්
සතිය දවයි උණුසුම් නුඹෙ මුව ගොබයෙන්

නිරුවත ඔබේ රන් සිතියමක් වැනි
මා නැවියෙකි සොයනා දේශයේ ඉඟි
අත්හැරි කලට ලෝකයේ සියලූම බැමී
නිරුවත තුළයි ඇත්තේ පෙමෙ නොකී ඉමී

නෙරූඩා පවසන ඒ කුසගින්න ඇති
රාවේ නුඹෙ සියුම්, මට සංගීත වැනි
ආත්මය නිරුවතින්; පෙම සයනේ වැතිරී
මා රළු දෑත ඔබෙ රන් සිතියම සිඹිති

කවිය බලන්න