තාත්තා

තාත්තා

ගංගා නිරෝෂිණී සිරිවර්ධන තිත්තපත්තර

කළු ගෑවුණා කියා කුඩාකලනම් ඇල්ලුවත් සේදුවලු හැමෝටම කළුම කළු වුවත් මට සුදුම සුදු තාත්තා... අතින් අල්ලන් ඇවිත් පෝරුවට නංවන තුරුම සෙවනදී සා පවස නිවූ වනස්පතියයි තාත්තා... නොපිරෙන හිස් තැනක් ඉතිරි කර නික්මගොස් දස වසර සපිරෙයි සිහිනොවූ එක දිනක් වත් තිබුණ නෑ මට තාත්තා... හැමදාම පතන ලෙස සසරෙ යළි අප හමුවුවොත් හදුනන්න හැකිවේද සුවදින් උණුසුමෙන් මට මගේ රත්තරන් තාත්තා... ගිරිදර.
කවිය බලන්න