ඔබ මගේ දියණී

ඔබ මගේ දියණී

ගංගා නිරෝෂිණී සිරිවර්ධන තිත්තපත්තර

මව් වරම දෝතින්ම
තිළිණ කර උපනී...
සෙවනැල්ල සේ සදා
මා වෙතම රැදුනී...
කෙළි කවට සිනා බස්
තෙපලන්න හපනී...
මගේ පිළිබිඹුව නෙත්
ඉදිරියේ මවනී...
තෙත් කලේ නෑ දුකට
මගේ නෙත් කෙවෙනී..
හදේ සෝ සන්තාප
ඔබ ලගදි නිවුනී..
ආදරය නෑ මගේ
කිසිවකට දෙවෙනී..
සිත් අඹර සුපුන් සද
ප්‍රාණ සම දියණී...

කවිය බලන්න