සොයුරු සෙනෙහස
කැණිමඬල බිඳී සෙවිලි නැති ගෙයි.
දිවා රෑ කල නොම හැඟේ
දැනෙන හද ගිනි අහස තරමට.
වළා වී පාවෙනු වගේ .
දෙගුරුනැති ලොව බැඳී සොයුරු පෙම
සක්වලින් එතෙරට ඇදේ
එලද උණුසුම අහිමි වෙද්දි
තටු සිඳුණු සමනල් වගේ.
අපේ ලොව හිරු සඳුද අප වී
හැදුණු සෙනෙහස් කැදැල්ලේ
යළි නොඑන සේ ඉගිලයද්දී
සසරෙ පැතු නිමි වළල්ලේ.
දිවි සැඳෑ කල ලැබු වත් සුව
අපට හිමි දිවි නිදැල්ලේ
තාම සුව දෙයි බාලවියෙ විඳී
සොයුරු සෙනෙහස් කැදැල්ලේ
Photo Credit; Annie Spratt
