දිත්වා කළ විපත

දිත්වා කළ විපත

මාලිනී හෑගොඩ USA

බිඳු බිඳු එකතු වී මහ වැහි වලා වෙලා මුදු මුදුමුදු ගුණය දුර ඈතටම පාවෙලා රුදු රුදු යකෙකු වී කුරිරුකම මතුවෙලා කඳු කඳු ගිලී ගොස් හැමදේම යටවෙලා අහස ඉරාගෙන මහ වැසි ඇද හැලුණී පොළොව අඬාගෙන රූටා බිම වැටුණී අවසන් සුසුම් ඒ මහ සුළඟෙම රැදුණී මිනිසුන් පොළොව යට සදහටම වැළලුණී කඳුළු නැති ඇසක් නැත හැම දෙන අඬතී සසලවු හදවතින් හැමදෙන සුසුම් ලතී හැම තැන අඳෝනා වැළපුම් ඉකි බිඳිතී කඳුළු බිඳුව තව තව කඳුළින් පිරෙතී අහස උසට වැහි දිය පොළොවේ පිරුණා ගෙවල් කුඹුරු වතුපිටි වතුරේ ගිලුණා හරක බාන හැමදේ හැමට නැති වුණා ඇඳිවත පිටින් සමහර දෙනා ගැලවුණා පොළොවට බැරි බරය අප පටවා ඇත්තේ මිහිමව මැසිවිල්ල කනකට නෑ ගත්තේ කුණු කඳු හරස් බැමි වැහි දිය ඩැහැ ගත්තේ යන්නට තැනක් නැති තැන ගෙයි එළිපත්තේ අතින් අත අරන් අපි සමගි බැම්මෙන් වෙලා කඳුළු බිඳුවේ කඳුළු පිස දමමු එක් වෙලා සැලසුමක් ඇතුව යමු මහා පවුරක් වෙලා අළු මතින් ගොඩට යමු නැඟී ඉදිරිය බලා 2025 දෙසැම්බර් 02 දින කැලිෆෝනියාවේ දීය.
කවිය බලන්න