සිහින යානයෙන් ගමනක්
බිනරය ගෙවී වප් මස අද ඇවිත් අනේ
බටහිර දෙසට මනසින් යමි උඩු ගුවනේ
යානෙන් බසින විට සීතල තුරුල් උනේ
උනුසුම ගෙනෙන්නට පොරවමු කබා කොනේ
තුරුවැල් වර්ණ ඇදුමින් සැරසෙන විලස
දකිනට හැකි වෙනම් සීතල කමෙක් නැත
සොබදම් කුමරි අදිනා මේ චිත්රයට
සම වන්නට මිහිපිට දසුනක් නොමැත.
හරිත වර්ණ කොල කහ සලුවෙන් පොරවා
ඉන්පසු රතු සලුව හැඩයට අන්දවලා
ලා හිරු එලිය සිප එන නල පොරවාලා
සරත් රිතුට තුරුලිය හැඩ වැඩ කරලා
ඇපල් ගසේ පල එන්නෙත් වප් මාසේ
පල කොල සමඟ බුමුතුරනත් මේ දවසේ
කිචි බිචි ගසන කුරුලන් පොදි දැන් අහසේ
මේවා බලා නෙත වැසුනත් සුව පහසේ
නොයක් වර්නයෙන් සැරසෙන තුරු අතර
කවදත් හරිත සලු පලදින තුරු ත් ඇත
නෙකවර්නයෙන් සැරසුන නැඟනියන් හට
රැකවල් පුදන සොල්දාදුවො හරිත ගස
මේ රඟ දැකුම කවිපදයට නඟන්නට
නොහැකිය අනේ සබකෝලෙට වචන නැත
සොබා කුමරි යොදනා වර්නයන් මට
මිලදී ගන්ට මිහිපිට කඩ මන්ඩි නැත
කුරුලු හඬින් ඇහැරෙමි සිටි තද නින්දෙන්
මිය ගිය සැමිය යහනේ නිදි සිතුවිල්ලෙන්
ඇස පිය ගසා බැස ගත්තෙමි ඒ යහනෙන්
සිහිනෙන් ගිය දුරක්? සිතමින් විමසිල්ලෙන්!
වප්මස හැඩ වෙමින් මැවෙනා දසුන් හෙට
ආසයි චිත්රයට තෙලි තුඩ හසුරන්ට
සොබා දහම කුමරිට අපහස වෙන්ට
රිසි නැති නිසා සිතුවා හකුලා ගන ඉන්ට.
කවිය බලන්න
