මන සනසන වන සරණිය

මන සනසන වන සරණිය

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

වන සරණිය විහඟ ගීත අසනුව ඔබ සිසිලසේ මන සනසන අරුම රසය විඳගන්නට නිදහසේ ඔබ සරමින් වන පෙත මග සොබා දහම දුන් ලෙසේ බිම නොහෙලමු ගස් වැල් අප හට ගමනට සිතු ලෙසේ ටිං ටිං ගානා ලේනුන් කුරුලු ගීත පරයනා බඹර නාද මී මැසි හඬ සවනත සරමින් දෙනා මිහිර රසය සිතට සිසිල ගලමින් ඔබ සනසනා බිම නොහෙලමු වන සරණිය සදා රකිමු සැම දෙනා සැළලිහිණින් මොණරුන් ගිරවුන් ගයනා ගී රසේ රුක් ගොමු ඇල දොළ සරමින් විඳිනා දින ඔබෙ හිසේ මල් පිපි පිපි සුවඳ හමයි ඔබ අසලින් නිදහසේ හරිත රසය පරදන රස මෙලොව නොමැත ඒ තොසේ සිංහ දෙනක දරු සුරතල් කරන අයුරු දුටු සැනේ කොටි වලසුන් පැටව් බදාගෙන සැනසෙන මහ වනේ සදා කලක් පවතින්නට මිනිස් සිතට එන දිනේ මානව ප්‍රේමය දිදුලයි දිනා දෙන්න දෙවියනේ
කවිය බලන්න