මොනිකාවියනි

මොනිකාවියනි

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

ලුහු බැන්දා විඩා නොදැනී දස අත දාඩිය පෙරමින් පද බැන්දා කුඩා දෙනෙත් සුවිසල් ලොව විහිදුවමින් මන බැන්දා පුංචි මගේ නුඹෙ කවියේ රස උරමින් හද බැන්දා තැලෙන දනන් ජීවිත පන්නර ලබමින් පැල්පත් තුල සහසක් දන පෙරණ කඳුළු දැක සැළුනා මල් නොපිපෙන තේ වතුවල ලැයිමෙ හැඬූ පුතු මැවුනා සල් ගස් යට කොළොම්පුරේ වැදු කුමරුට කිරි එරුනා තල් ගස් පෙළ කුඩු කර නැගි ගිණි සැර දැක නුඹ තැවුනා මතකයි නුඹ පංකාවේ යට හද ගැහිලා හිටි හැටි සැතකයි මගෙ නෙත් රැඳුනේ කියවද්දී නුඹෙ ඒ පැදි කුහකයි මනුලොව අසරණ මිනිසුන් තැලෙනා විටකදි කටුකයි ජීවිතය මෙලොව බහු රූ පිරිලා නිම නැති විරහ වේදනාව වසා කුස ගිනි සැර නුඹ දුටුවේ හිරව කුඩය යට පෙම හැර වහලෙ සිදුරු නුඹ දුටුවේ ගිරවි ලෙසින් කජු පුහුලන් අහුලා කනවුන් දුටුවේ පරව ගියේ ඇයි රතු මල මගෙ නෙත් පිරිලා ගැළුවේ
කවිය බලන්න