යතා  රූප...

යතා රූප...

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

සාර සුබාවට ලියලා .... ඇතත් පොත. ස්වර්ණ මුද්‍රිකාවට ... ලොකු මිලක් ඇත. දුගී පන්හිඳක් ... කලමුත් කවක් යස. බැලූ දනෝ මිලයට .. අරගත්තෙ නැත. ********************************* බොහෝ දුමිඳු මණ්ඩල ... වැලි මළුව මත. වැටී තියෙන බෝ පත්.. හමු වුනත් නෙත. ගියේ කුණු ගොඩට .. නැත බැතිමතෙක් දොස. පිහිටිකරේ ජය බෝ .. පත් පිදෙති සිත. ******************************** සීත මන්දිරෙන් ඇවිදින් .. පළස මත. සළුව වැසු අදී .. පෙන්වයි වෙහෙරෙ කොත. ධවල පිළි රුසිරු .. මැතිඳුට ගහපු කස. දුගී පේරු දානය ලඟ .. ඇසුනෙ නැත. ******************************** රූප ළන්ඳු සීගිරියේ .. ලොවක් වෙත. පාන සිනා මල්වල ඇත... ලවන් තෙත. මැදුරු වෙහෙර මළු පිය ගැට ... බරක් හිස . දැරූ නෙලූ වාමනයන් .. කිම්ද කැත. ********************************* පාරමිතා නැතිනම් .. පුදසුනක් මත. දෑත හිස තබා වඳිනට ... කෙනෙක් නැත. දුකින් නොලැබු වේ නම් .. බුදු දහම් ඇස. බනින එවුන් සිදුහත් හට .. තාම ඇත. **********************************
කවිය බලන්න