සසර පුරා ළඟ ඉන්න

සසර පුරා ළඟ ඉන්න

අනුරාධා ගුණසේකර හොරණ

විඩාබර හුස්ම එක්ක ජීවිතේ ගිරි දුර්ග නගින විට සියුමැලි පවන් රොදක් වී නුඹ මෙහෙම ළඟ ඉන්න කොට ජීවිතේ හරිම මහන්සියි දැනුනු වෙලාවට තවත් දුර යන්න බෑ දැන් ඇති යි සිතෙන වෙලාවට සිසිල් පැන් පොදක් සේ විඩාව දුරු කර තව ටිකක් යමු මං ළඟින් ඉන්නවා හැම දේකටම නුඹයි හිත හැදුවේ හැම විට වසන්තය ළඟ ළඟින් ඉඳ දුශ්කරම කාර්තුවල මඟ අරිද්දි හුඟක් අය බිඳි විසිරෙන්න නොදී හදවත හිමිහානයෙත් මල් පුබුදුවා වසත් සමයක් කලේ නුඹයි කර්කශම ගිරි හිස පවා හැමදාම ඉතින් මේ බවය විතරක් නෙවෙයි නුඹට ඉන්න වේවී සසරම මෙහෙම වෙන සැපක් මොකටද මට මෙහෙම සිනාවක් වී ළඟින් ඉන්න සසරම නුඹ නිවෙන්නට හැකියි මට නුඹේ ප්‍රේමය ළඟ හැමදාම
කවිය බලන්න