ජීවිතේ ගලා යයි

ජීවිතේ ගලා යයි

ආරියරත්න ජයසිංහ මහරගම

ගලා යන ගඟ ගලා ගියදෙන් කඩා බිඳ ඉවුරූ කුමට වෙහෙසෙමු නතර කරනට වටේ බැඳ පවුරූ ජීවිතේ දිගු ගඟකි කිසිදා නැවතුමක් නොපැතූ කවුරු කෙලෙසක කළත් බාදා පසුපසට නොගැලූ හිරුත් බැසයයි අහස්ගඟ වැද රතු කරන් මුහුණූ අර බලන් සිතිජයේ ඉම තෙක් රතු වලා ඇතිරූ අඳුරු අහසේ පිපී දිළිසේ පුංචි තරු පොකුරූ ගඟක් සේ ජීවිතේ විඳිමින් සිනාසෙමු මිතුරූ.
කවිය බලන්න