එකම බිම්කඩ මුල් ඇදන් අපි....

එකම බිම්කඩ මුල් ඇදන් අපි....

රංජනී කොස්තා නවසීලන්තය

එකම බිම්කඩ මුල් ඇදන් අපි එකට අතුඉති දළුදමා උස්මහත් වූයෙමු ටිකින්ටික අතුපතර යදමක් දමා හිරුට සඳුටත් මුහුනදීලා ගතට සවිබල ඔපදමා දකින දසුනෙත් නෙතක් පිනවන රුසිරි ඇන්දෙමු හැඩදමා කැටිව පවුලක් සවිව කුළුනක් ලෙසින් නැගිලා අහසට අව් වැසිද මහ සුළං කෝඩද පලව හරිමින්ම , ඈතට රකින්නට බිම්කඩෙක අයිතිය මායිමේම එක හැඩයට තුරුපෙලම අපි එකට හිටියා බලැති වෙස්ගෙනම සවියට අතින් අත්බැඳි අතුරිකිලි හැම නිතිම පවනට මුහුවෙලා දකින දසුනට තුට සදන්නැති ගත සිතද සුවපත්වෙලා පියඹලා එන පොඩිකුරුල්ලන් හෙවනෙ ලගිමින් සැනහිලා පුංචි ගීහඬ හැඩට ගැයුවා අතුපතරෙ හිඳ ලංවෙලා සමව අව්පිණි මාරුතද මැද උන්නු එකටම ලංවෙලා මිතුරුදම් අතුරිකිළි දැක දැක උන්නෙ සතුටින් හිනැහිලා සමයෙ සීතක ඉඟිය එනවිට ඒත් උන්නෙමු හිනැහිලා එකමුතුවෙ උනුහුමම සෑහෙයි හිතුවෙ සවියෙන් දිලිහිලා ඉතිද හැලිලා අතු ඉපල්වී කඳට වෙලිලා ඉන්නවා දකින දසුනේ හිතම ගල්වෙන වේදනාවක් පුරනවා ලඟින් හිටි නුඹ මගෙන් සමුගෙන ගිහින් බව නෙත දකිනවා සොබාදහමේ රීතියට අපි යටත්බව හිත කියනවා,,,, අවනතව ඉමි ,සොබාදම් රීතියට
කවිය බලන්න