කිසිවෙක් නොදනිති

කිසිවෙක් නොදනිති

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

දනිමු අපි දිග සැතපුමක සහ - යොදුන කොතරම් දැයි කියා රටින් රටකට තිබෙන දුර හැක සිතියමෙන් ගන්නට සොයා සඳට ඇති දුර ඉරට ඇති දුර වුවද ඇත පොත්වල ලියා එහෙත් කිසිවෙක් හැඳින ගෙන නැත සසර දිග කොතෙකැයි කියා කළේ ඇති දිය ලිඳේ ඇති දිය විලේ සහ ඇල දොලේ ඇති දිය ගඟේ ඇති දිය වැවේ ඇති දිය සමඟ මහ සාගරේ ඇති දිය ගිණිය හැකි වුව බින්දු විලසින නොහැක ගණිනට තිබෙන තුරු දිය සසර තුළ අපි දුකට සතුටට හෙළන ලද අපමණ කඳුළු දිය ගිනි කූරෙ ගිනි පන්දමේ ගිනි සමඟ එක එක ලිපේ ඇති ගිනි ගිනිමැලේ ගිනි පෝරණුවෙ ගිනි එමතු නොව තව කැලේ ලැව් ගිනි දැක තිබෙන අපි තරම හඳුනමු මෙගිනි වල සහ සැමගෙ සාගිනි එහෙත් නිසැකව කියනු නොහැකිය කෙතෙක් සැර දැයි රාගයේ ගිනි පවන් පතකින් නැගෙන සුළඟට හැකිය දාහය නිවා ලන්නට එයට වැඩියෙන් එයම කළ හැක සුළං පෙත්තෙන් නැගෙන සුළඟට ගෙවල් දොරවල් ගස්ද පෙරලා දැමිය හැකිවෙයි ටොනෝඩෝවට ඊට වැඩි දේවල් කරන්නට හැකිය කෙනෙකුගෙ සුසුම් වේගෙට 2025 / 08 / 10 Photo credit: Sergio Kian
කවිය බලන්න