කැලෑ මල්

කැලෑ මල්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

අහස සඳ හිරු ලෝකයම වැනි විසල් උපමා බිම තියා දහසකුත් වූ ප්‍රේම මන්දිර ඉරිතළා දෙදරා ගියා ලොවට රඟපෑ හිනාවෙන් නොව හදවතින් එක්විය යුතූ එකිනෙකා ආදරේ නැති දා මොනවට ද ගේ දොර වතූ ඈත දෙපොළක තනිවුණත් තරු එළිය යන්තම් විහිදුවා ඊට සුපුරුදු සෙනෙහසින් නිති හිනැහුණා හිත් පටලවා තාර පාරක හැදුණ පැළුමක අසීරුව රජ වුණ තැනේ සරුව ලියලුව කැලෑ මල් පෙති සුවඳ දී හිනැහී වැනේ Photo Credit Ayo Ogunseinde Photo credit
කවිය බලන්න